මුහුණු පොතේ මැණික් පොළ….(Facebook Gem Fair)දෙවන දිගහැරුම….

.අයියේ මම ආසයි මැණික් වෙළෙඳාමට….

මෙහෙම ඇමතුම් ගණනාවක් මසකට ලැබෙන අතර, එයට කාලාය වැය වීම නතර කිරීමට පියවර නොගන්නේ මමත් ඉස්සර මේ වගේම නන්නාදුණන අයගෙන් කරුණු කාරනා විමසා ඇතිබැවිනි ??

ඒ අතරින් බොහෝමයක් අය නිවැරැදි තොරතුරු ලබා නොදුන් අතර, නිවැරැදි මගපෙන්වීම් කල අයද ඇත. ??

බොහෝමයක් පුද්ගලයන් බලන්නේ තමන්ගේ මැණික් ආඳුනිකයන් හට පැටවීමටය (සමාවන්න මෙහෙම කිව්වාට). මෙම ගැටලුව ඇතිවන්නේ තනිවම මැණික් වෙළෙඳාමට අවතීර්ණ වන ආඳුනිකයන් හට පමණි. තමන් ගතයුත්තේ කුමන මැණික් වර්ගද කියා නිසි අවබෝධයක් නොමැතිව කපටි පුද්ගලයන්ගේ වචන වලට රැවටෙයි.??

බොහෝමයක් පුද්ගලයන් තමන්ගේ පවුල් පරිසරය මූලික කරගෙන ව්‍යාපාරයට පැමිණෙන අතර නිතරම අත දීමට තම පවුලේම ප්‍රවීනයෙකු සිටීම මහත් උපකාරයක් වේ.??

හැකි සෑමවිටම තනිවම උත්සාහ කරන්න….?

ආතමවිශ්වාසය ඇතිකරගන්න…..?

දිනීමෙන් උදම් වෙන්න එපා ….?

පැරදීමේන් වැටෙන්න එපා…..?

ඌරෙක්ට තවත් ඌරෙක් කෑම හොයා දෙන්නේ නැත…….??

ස්තුතිය ?

Rawgems & Ceylon Spinel ??

+94 719759280/ 0767158776

Rawgems.lk

https://www.facebook.com/ceylonrawgems

මුහුණු පොතේ මැණික් පොළ….(Facebook Gem Fair)

අරයා හොරා….

මෙයා ගුලබිකාරයා….

අහවල් හමේ ඉන්නේ වංචාකරයන්…

සියලුම දෙනාට සුභ දවසක් කියලා පටන් ගන්නම්.මුලින්ම කියන්නම් මම මැණික් පිළිබඳව ඔස්ථාර් කෙනෙක් නෙවෙයි… නමුත් මම දන්න IT( information technology ) දැනුම ඔබට කියාදෙන්නම්(පලමු ලිපිය ).

අපි මැණික් ගලක් මිලදී ගැනිම සදහා සමාජ මාධ්‍ය භාවිතා කරන්නේනම් ඒ පිලිබඳව අපිම විසින් වගකීම දරිය යුතුය. අනෙක්පාර්ශවයට ඇගිලි දික් කිරීමෙන් පලක්නෙවේ. මොකද දෙදෙනාම කතාබහ කරගෙන ගනුදෙනුව සිදුවන බැවින්.ගලක් විකුණ පුද්ගලයන් බලන්නේ තමන්ගේ මැණික් ගලෙහි දෝෂ , පලදු අඩුවෙන් පෙන්වා වැඩි මුදලක් උපයාගන්න. ගලක් ගන්න පුද්ගලයන් බලන්නේ තමන්ගේ හැකි උපරිමයෙන් දෝෂ , පලදු පෙන්වා මිල අඩුකර ගැනීමට. සෑම පුද්ගලයකු බලන්නේ ලාබයක් උපයා ගැනීමට.

ප්‍රෙසිද්ධ මැණික් පොලවල් වලත් ඕනෑතරම් වන්චාකරුවන් සිටිනවා කියනදේ අපි හොදාකාරව දන්න කරුනක්. ඉතින් ඔබ සිතනවද සාමාජ මාධ්‍යයතුල එවන් පුද්ගලයන් නොමැතිව ඇති කියා….

කෙනෙක්ට සමාජ මාදධ්‍යයතුල ගිනුමක් ඔපන් කිරීමට අවශ්‍ය වන්නේ දුරකතන සිම්පතක් පමනයි. තමන්ට කැමති නමක්, ගමක්, නගරයක්, උපන්දිනයක් , පිංතූර කිහිපයක්…. ආදීය දමා ගිනුමක් සෑදීමට තව අවශ්‍ය වනේ ස්මාර්ට් දුරකතනයකි. මෙසේ සාදාගත් ගිණුම සත්‍ය හෝ අසත්‍ය ආකාරයට පවත්වාගෙන යාම තිරණය ගන්නේ ගිණුමෙහි අයිත්කරුය. ඉතින් ඔබ කෙසේද ගමකට, නගරයකට ඒවායේ වෙසෙන තවත් ව්‍යාපාරිකයන්ට වරදෙහි ඇගිලි දිගුකරන්නේ… එය සාධාරණද නැද්ද යන්න ඔබම තීරණය කරන්න.

ඔබ මැණික් ගලක් හෝ ලොට් එකක් මිලදී ගැනීමට පලමුව එය පල කල පුද්ගලයාගේ පහත් විතර සොයාබැලුවද ?.

1. එම පුද්ගලයාගේ ගිණුම කොපමන කලක සිට පවත්වාගෙන යන ලද්දක්ද.

2. ගිනුමෙහි පිංතූර සත්‍ය හෝ අසත්‍ය ඒවා ද

3. කොපමණ කලක සිට ගිණුම පවත්වාගෙන යන්නක්ද( දමා ඇති පොස්ට්වල, පිංතූර සහ අනෙකුත් දේවල්වල දිනයන් )

4 ඔහු හෝ ඇය මැණික් පිලිබඳව පවතින පසුබිම.

5. තමන් දන්න අදුණන එම පලාතේ වෙසෙන මිතුරකුගෙන් විතර විමසා බැලී.

6. එම ගිනුමෙහි සිටින වෙනත් පුද්ගලයන් එම පලාතේ අයද නැද්ද වග.

7. වංචාවකින් තොරව නිවැරැදි විස්තර තවත් කෙනෙක්ට බලාගැනීමට හැකි අයුරින් පලකර තිබේද යන්න.

8. Whatsapp නම්බර් එක පිලිබඳව සොයාබැලුවද

09. ව්‍යාපාර ලියාපදිංචියක්,

10. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ලියාපදිංචියක් ඇතිදයන්න..

තව ගොඩක් දෑ තිබේ. අවශ්‍ය කෙනෙක් ඇත්නම් පෞද්ගලිකව විමසන්න.

මැණික් මිලදී ගැනිමකදී හෝ විකිණීමේ දීඔබ ඉහත කරුණු සොයාබැලුවද ..?

ඔබට මැණික් විකිණීමකදී ගැනුම්කරුවන්ගේ විස්තර ( නම, නමටාදාල ගිණුම් අංකය , ලිපිනය එය තහවුරු කරගැනීමට ලියවිල්ලක් ) පිලිබඳව හොදාකාරව පැහැදිලි කරගැනීමට වගබලාගන්න. එය ඔබගේ නමට, ඔබ මහන්සියෙන් සාදාගත් ප්‍රෙතිරූපයට හානියක් වීම මලක්වාගන්න හොදම අවස්ථාවක්.ගැනුම්කරුවන්ගේ විස්තර තහවුරු කරගැනීමට අපහසුනම් හොදම දේ ගනුදෙනුව අවලංගු කර ගැනිමයි.

මම නම් දෙපාරක් නෙහිතා එය සිදුකරනවා. මොකද මට මුදලට වඩා මගේ ප්‍රෙතිරූපය වැදගත් නිසා. (සමහර අය තරහාවී ඇත… එයාල්ගෙන් සමව ඉල්ලනව ගනුදෙනු අවලංගු වීමගැන).

මම සමාජ මාදධ්‍යයතුල මැණික් තෝරාගත් පසුව, ගිහින් පරික්ෂාකර පමනක් මිලදී ගැනිම සිදුකරනවා. ඒ වගේම මාගෙන් කලින් මැණික් මිලදී ගත් අයට තැපැල් කර යවනවා. එයාල මම ගැන දන්න නිසා. ඒවගේම පලමුව ගල් ගන්න කෙනෙකුනම් ඇවිත් බලා ගල් ගන්න කියා ඉල්ල සිටිනව. ඉන් පසුව හොද සබඳතාවක් ඇතිවුවහොත් ඔන්ලයින් ක්‍රමයට ගනුදෙනු සිදුකරනවා.

මෙම මාතෘකාව පිලිබඳව කතා කිරීමට බොහෝම කරුණු ඇති අතර දිනෙන් දින ප්ලකරන්නම්….

Rawgems

CeylonSpinel

+94 719759280

Rohana Thissa

????……මයිනාහම…..????

පතල් කර්මාන්තයට නැතුවම බැරි මෙවලමක් ව්න මයිනාහම සුවිසල් මෙහෙවරක් ඉටුකරයි.

නම ඇසූ පමණින් මතකයට එන්නේ අප පරිසරයතුල ජීවත් ව්න අලංකාර කුරුල්ලෙකි.අපහට ගනන් කිරීමට නොහැකිතරන් මිහිරි අමිහිරි නාද රාශියක් කල හැකි අපූරු කුරුල්ලකි. මොවුන් ගොවියාගේ නෑදෑයෙකු ටවඩා උදවුකරන සත්ව කන්ඩයමකි. එයට හේතුව නම් වගාවේ සිටින දලඹුවන්, පනුවන් වෙනත් කෘමීන් ආහාරයට ගන්න අතර වගාවට හානියක් නොකරන්නේය…..

අද මම ඔයාලට කියන්න යන්නෙ මයිනාහම කියන උපකරණය ගැන. එය පතල් කම්කරුවන් විසින් නිර්මාණය කරගන්නකි. යකඩ තැලීමේදී යකඩ රත් කිරීමට අවශ්යය හුලන් ගැසීමට සාදාගන්න උපකරණයකි. මෙය ඈත අතීතයේ සිමෙන්ති කවරයක් භාවිතා කර සාදාගනු ලබයි. සිමෙන්ති කවරය එක් පැත්තකින් සිමෙන්ති අස්කර ඒ පැත්තට ලී කෝටු දෙකක් ගැටගසා ගන්න අතර පතුලේ කොනක් සිදුරුකර යකඩ බටයක් ගැට ගසාගනු ලබයි. මෙමගින් කවරය තුල රදවා ගන්න සුලං බටය මගින් ඉවතට යන්න සලස්වති. මෙම සුලං අගුරුවල පූර්ණ දහනයට රුකුල් දෙන අතර යකඩ රත්වීමට අවශ්‍යය උෂ්ණත්වය පවත්වාගැනීමට උපකාර වේ.

මෙය උපයෝගී කරගෙන පතල් කම්කරුවන් තම යකඩ ඉණි උල්කරගන්න අතර තලයන තවත් පුළුල් කරගනි.ඉල්ලන් කූර තියුණු උලක් තිබීම මගින් මැණික් ගල් ව්ලට සිදුවුන හානිය අවම කරදේ.ඉතින් මේ මයිනාහම කියන උපකරණය අපට හමුවන මැණික් සම්පත ඉතාමත් සුරක්ෂිතව අප අතට ගෙන ඒමට වක්‍රව සහයෝගයදේ.

කතෘ: rawgems

මෙහි පවතින සියලුම පින්තූර අයිතිය අයිතිකරුවන් සතුය.අකුරු වල අඩුපාඩු ඇත්නම් නිවැරැදි කරන්න.

ස්තුති ?

නැවත ලිපියකින් හමුවෙමු.

නවකයන්ට ඔවදනක්

එකෝමත් එක දවසක …… සිදුවුන සත්‍ය සිදිවිමකි……දිනක් මම ,මැණික් විකිණීම සදහා දමනලද දැන්විම්ක් (Facebook /මුහුනු පොත) මගින් මගෙ දුරකථන අංකය ගෙන විස්තර අසයි. එදින පැයගනනාවක් කත බහ කර පසු දින කිහිපයකදීම මට කතා කර වෙන ගල් මොනවද තියෙන් අසා හොදින් හිතවත් වුනා. ?

ඔහු ගත්ත ලොකු ලොකු ගල් හෝ පොඩි පොඩි ගල් ලොකු මුදලට ගත්තා කියා පුරසාරම් ගැසිවේ මාව පිස්සු වැට්ටිමටය….?

තමන්ට හොද ගැනුම් කරුවන් සිටින බවත් ලංකාවේ හැමතනින්ම ගල් ගන්නා බවත් පවසයි. ගැනුම්කරුවන් සොයා දියහැකි බව පවසුවේ මාව පිස්සෙක් කිරීමටය .??මමද ගොනා වගේ ඔහු දුන් සියලුම තණ්කොල කාදැමුවේය….. ????

මේ විදිහට කත අබහ කරමින් කලයක් ගතවන්නට ඉඩහැර හොදින්ම හිතවත් කමක් ගොඩනගාගත් පසු මැණික් බැලීම සදහා දිනයක් වෙනකර පැමිණුනි???.මට ඔවුන් පිලිබඳ ලැබෙන්නේ නිවැරැදි තොරතුරු නොවන අතර එය විශ්වාස නොකිරීමටද හේතුවක්ද නැත. මොකද ඒ වෙනකොට මම ගොනාට ඇදුම් ඇද හමරය…..??

ඉතින් මම මගේ ලග ඇති මැණික් ඔහුට පෙන්විමට ලකලෑස්ති කරගත්තේ වෙලදාම් කිරිමටය.හරියට ලොට් සාදා , ඒවගේ බර මැන , ලොට් වල කෑලි ගනන් කර මුදල ලියා අසුරන ලදී…මාලග ඇති සියලුම මැණික් ලොට් ද, තනි ලොකු ගල්ද හොදින් ඔහු බැලීය….?මට සමහර දේවල් කියාදුන්නේ මාගේ ගුරුවරයකු මෙන්.?❤

ඒ ගල් ලොට් බලන අතර තුර සමහර හොද ජාති කෑලි ඔහු කෙසේහෝ මගෙන් හොරාට අරගෙන ගිහින් …..??මට ඒබව පසුදින වැටහුනේ වෙනත් කෙනෙකුට ඉල්ලම් කල ගලක් සෙවීමේදී එය නැති බව ගල් ලොට් එකේ දැනුන විටදී…..???පසුව මම හැම ලොට් එකක්ම වාගේ පරික්ෂාවට ලක් කර විටමට හැගීගියේ මගෙන් අඩුම ගල් කෑලි 6ක් 7ක් ඔහු හොරාගෙන ඇති බවය….?? මැණික් වෙලදාම රදාපවතිනන්නේ විශ්වාසය මත බව කීවත් මෙවැනු පාහර මිනිසුන් නිසා එය පලදු වන්නේය.???

අලුතින් එකතුවෙන අයට මට කියන්න තියෙන්නේ ඔයාල මිනිස්සු විශ්වාස කරන්න ඒත අවිශ්වාසය නොකර ඉන්නත් එපා..?..හැකි සෑම විටල ගල් පෙන්වීමේදී ඔබගේ හොදම හිතවතකු සමග එය පෙන්වන්න ,? විශෙශ්ෂයෙන්ම ලොට් වශයෙන් පෙන් විමේදී ගනන් කර නැවත ගන්න….??

එක ලොට් අකක් බලල් ඉවර කරන තුරුඅනිත් ලොට් එක පෙන්වන්න එපා.මම කල ලොකුම ගොන්කමක් සේරම දිග හැරල දුන්න එක…??

මම ගොඩක් විශ්වාස කල ඒ ආව පුද්ගලයන් දෙදෙනා…??

ඔබට පැවසුවොත් ගල්ටිල ගනන් කරල බලලා ගන්න කියලා ආපහු ගද්දි අනිවාර්යයෙන්ම ඒක කරන්න. මොනම හිතවත් කමක් තිබුනත් කම් නැත…..එය කරන්න අනිවාර්යයෙන්ම…?

මාහට නැතිවූ ගල් කෑලිටිකේ පාඩුවට වඩා මට හොද අත්දැකීමක් ලබා දුන් ඒ මැණික් වන්චික ඔබ දෙපලට ස්තුති ? පුද කරන අතර…..❤?

කල වරදට දඩුවම් කතරගම දෙවිදුන් සහ, සමන් දෙවිදුන් බලා ගනිවි….??

ස්තුති …..

මොනවද මේ ඛණිජ, පාෂාණ හා මැණික් කියන්නේ? මුල සිට සරලව ඉගෙනගමු.

බොහෝ දෙනෙකුට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඛනිජ, පාෂාණ හා මැණික් කියන්නේ මොනවද? ඒවා වෙන් කරලා අඳුර ගන්නෙ කොහොමද? එහෙම වෙන් කරන්න බලපාන සාධක මොනවාද කියන එක. ඉතින් සිලොන් ජෙම්ස් අපි හිතුවා ඛණිජ, පාෂාණ හා මැණික් පිලිබඳව ඔබට පුර්ණ අවබෝධයක් සරලව ලබා දෙන්න.
මොනවද මේ ඛණිජ කියන්නේ? නිෂ්චිත රසායනික සංයුතියක් හා අකාබනික ඝන තත්වයේ පවතින ස්වාභාවිකව නිපදවෙන සංයෝග තමයි අපි ඛණිජ කියලා හදුන්වන්නෙ.පලිගු(Quartz), රබහ(Garnet), පදියන්(Topaz), කුරුවින්ද(Corundum) ඛණිජ සදහා උදාහරණ කිහිපයක් ලෙස දක්වන්න පුළුවන්.( ඡායාරූප 1 ) බහුලවම ඛනිජයක අන්තර්ගත මුලද්‍රව්‍ය වෙන්නේ සිලිකන් (Si), ඇලුමිනියම්(Al), අයන්(Fe), කැල්සියම්(Ca),
ඔක්සිජන්(O), මැග්නීසියම්(Mg) තමයි.
ඇමරිකාවේ ඛනිජ විද්‍යාත්මක සංගමයට අනුව ලෝකයේ දළ වශයෙන් 5,400ක් නම් කරන ලද ඛණිජ වර්ග ඇති අතර සෑම වසරකම දළ වශයෙන් නව ඛනිජ වර්ග 30 ත් 80 ත් අතර ප්‍රමාණයක් හඳුනාගෙන නම් කරයි. පෘථිවි පෘෂ්ඨයේ වඩාත් සුලභම ඛනිජය වන්නේ සිලිකන් ය (silicon).
දැනට ලොව සොයාගත් පැරණිතම ඛණිජය වෙන්නේ අපි කවුරුත් දන්නා ජාගුන් (Zirconium silicate) ස්ඵටිකයකි.අවුරුදු මිලියන හාරදහස් තුන්සියයක් පමණ (4,300,000,000) පැරණි මෙම ඛණිජ කොටස බටහිර ඕස්ට්‍රේලියාවේ ජැක් හිල්ස් ප්‍රදේශයෙන් සොයා ගන්නා ලදී.(The Jack Hills in mid-west Western Australia) ( ඡායාරූප 2)
මොනවද මේ පාෂාණ කියන්නේ? ඇත්තටම පාෂාණ කියන්නේ ඛනිජ කිහිපයක එකතුවක්. ඒ කියන්නේ නිශ්චිත රසායනික සංයුතියක් පාෂාණයකට නෑ.මොකද පාෂාණ කියන්නේ විවිධ ඛනිජ වර්ග කිහිපයක එකතුවකින් ස්වාභාවිකව නිර්මාණය වුණු අකාබනික ඝන සංයෝගයක් නිසා.(ඡායාරූප 3) පාෂාණ වලට උදාහරණ විදිහට ෂේල්(shale), අපට නිතරම හමු වන කලුගල් (Gneiss), ග්‍රැනයිට් (Granite), කිරිගරුඬ (Marble) දක්වන්න පුළුවන්.(ඡායාරූප 4)
ඛනිජ කිහිපයක එකතුවකින් නම් පාෂාණ නිර්මාණය වෙන්නේ අනිවාරයෙන්ම පාෂාණ නිර්මාණය වීමට පෙර ඛනිජ නිර්මාණය විය යුතුයි. ඔව් ඇත්තෙන්ම ඒක එහෙම තමයි. දැනට ලෝකයේ පැරණිම පාෂාණය විදිහට හඳුනාගත් කැනඩාවේ ඇකාස්ටා ගංඟාවෙන් (Acasta River) සොයාගත් අපි සාමාන්‍යය ව්‍යවහාරයෙ කළුගල් (Gneiss) කියන පාෂාණයෙ වයස අවුරුදු මිලියන හාරදහස් දෙසියයක් (4.200.000.000) පමණ වෙයි.(ඡායාරූප 5)
ඒ කියන්නේ ඛණිජ නිර්මාණය වෙලා අවුරුදු මිලියන සීයකට විතර පස්සෙ තමයි පාෂාණ නිර්මාණය වෙලා තියෙන්නෙ.
පාෂාණ නිර්මාණය වන ආකාරය අනුව ප්‍රධාන වශයෙන් ආග්නෙය පාෂාණ(Igneous rocks), අවසාදිත පාෂාණ(Sedimentary rocks), හා විපරිත පාෂාණ(Metamorphic rocks) කියලා ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. මෙම කොටස් තුන පිළිබඳව පූර්ණ විස්තරයක් අපි ඉදිරියේදී ඔබට ගෙන එන්නම්.
මොනවද මේ මැණික් කියන්නේ? මේක හොඳටම ඔලුවට දාගන්න ඕන තැනක්. මැණිකක් වෙන්න පාෂාණ, ඛණිජ කියලා ප්‍රශ්නයක් නෑ හැබැයි මැණිකක් වෙන්න නම් මූලික කාරණා තුනක් සම්පූර්ණ කරන්න ඕනිමයි. ඒ තමයි දුර්ලභත්වය(Rarity), කල්පැවැත්ම(Durability), අලංකාරය(Beauty).
දුර්ලභත්වය වැඩිවන තරමට තමයි මැණික් ගලක මිල වැඩිවෙන්නේ. ඒක නිසා තමයි කුරුවින්ද(Corundum), දියමන්ති(Diamond), පසින්ගල්(Alexandrite) වැනි මැණික් වලට අධික මිලක් නියම වෙන්නේ. දුර්ලභත්වය අඩු නම් ඒ කියන්නේ හොයාගන්න අපහසු නැත්තම් සාපේක්ෂව බොහෝ අඩු මිලක් තමයි මැණික් ගලකට වුණත් ලැබෙන්නේ. ඒකට හොඳම උදාහරණ තමයි අඹතෙස්(Amethyst), කහපළිඟු(Citrine), තෝර(Tourmaline), රබහ(Garnet), පදයන්(Topaz) වගේ මැණික්.
කල්පැවැත්ම යන ගුණය බොහෝ විට තීරණය වෙන්නේ මැණික් ගලක දෘඩතාවය(Hardness) මත.
ගලක් තවත් ගලකින් සීරීමේ දී ගෙවී යෑමට එරෙහිව දක්වන ප්‍රතිරෝධය තමයි දෘඩතාවය කියන්නේ. ඉතින් ලෝකයේ වැඩිම දෘඩතාවයක් සහිත මැණික් වර්ගය වෙන්නේ දියමන්ති (Hardness 10), ඊළඟට අපි කවුරුත් දන්න කුරුවින්ද(Hardness 9). අන්න ඒ නිසා මෙම මැණික් සඳහා ඉතා ඉහළ මිලක් තීරණය වන අතර දෘඩතාවය ඉතා පහළ අගයක් ගන්නා ෆ්ලෝරයිට් (Hardness 4), ඇපටයිට්(Hardness 5) වගේ මැණික් වලට සාපේක්ෂව පහළ මිලක් නියම වෙනවා.
අලංකාරය කියන්නේ මැණික් ගලකට ඉතාම වැදගත් ලක්ෂණයක්. අලංකාරය ප්‍රධාන වශයෙන් වර්ණය(Colour), පැහැදිලිබව(Clarity) හා විනිවිදභාවය(Transparency) මත තීරණය වෙනවා. මැණික් ගලක වීදුරු ගුණය(Glass body) කියලා මැණික් ගලක් පිළිබඳව කථා කරද්දී අප අදහස් කරන්නේ මෙන්න මේ පැහැදිලි බව හා විනිවිදභාවය නැතහොත් ගලේ එහාමෙහා ආලෝකය ගමන් කරන බව කියන ගුණාංග පිළිබඳවයි.
ඉතින් දුර්ලභත්වය, කල් පැවැත්ම හා අලංකාරත්වය කියන ලක්ෂණ තුනෙන් පරිපූර්ණ ඕනෑම ඛනිජයක් හෝ පාෂාණයක් අපි මැණික් ගලක් කියලා හඳුන්වනවා.(ඡායාරූප 6)
ලැපිස් ලැසුලි(Lapis lazuli) කියන අලංකාර මැණික් වර්ගය ඇත්තටම පාෂාණයක්. ලැපිස් ලැසුලි හැදිලා තියෙන්නේ Pyrite, Sodalite සහ calcite කියන ඛනිජ(Mineral) වර්ග තුනෙහි එකතුවකින්. අලංකාරය දුර්ලභත්වය හා කල්පැවැත්ම යන ගුණාංග සම්පූර්ණ කරපු ලැපිස් ලැසුලි පාෂාණයට පුළුවං උනා මැණිකක් වෙන්න.(ඡායාරූප 7) ඒ කොහොම වුණත් මැණික්වලින් අතිශය බහුතරයක් නිර්මාණය වෙන්නේ ඛනිජ වලින්.
මැණික් වර්ග කිරීමේදී කාබනික මැණික්(Organic Gems) හා අකාබනික මැණික්(Inorganic Gems) ලෙස ප්‍රධාන කොටස් දෙකක් අපට හමුවෙයි. පාෂාණ හා ඛනිජ වලින් නිර්මාණය වූ මැණික් වර්ග අකාබනික මැණික් ලෙසත් සත්ව හා ශාක කොටස්වලින් නිර්මාණය වූ මැණික් කාබනික මැණික් ලෙසත් වෙන් කර දක්වයි.
ඇත්දළ(ivory), මුතු(pearl), රයිනෝ අං(Rhino horn), කොරල්(coral) හා කැස්බෑ ලෙලි(Turtle husk) කාබනික මැණික් සඳහා උදාහරණ ලෙස දැක්විය හැක.
අකාබනික මැණික් මෙන් නොව කාබනික මැණික් සොයා ගැනීමේ ක්‍රියාදාමය බොහෝදුරට ඉතා අමානුෂික වේ. මන්ද අදාල සත්වයා එම ක්‍රියාවලිය තුළ ඝාතනයට ලක්වන බැවිනි. මුතු, ඇත් දළ හා රයිනෝ අං ලබා ගැනීමේදී මෙවැනි සත්ව ඝාතන නිරන්තරයෙන් සිදු වන නමුත් මෙවැනි කාබනික මැණික් සඳහා අධික මිලක් හා අධික ඉල්ලුමක් ද වෙළෙඳ පොළෙහි ඇත.(ඡායාරූප 8)
ලොව බොහෝ රටවල් මෙවැනි සත්ව ඝාතන නතර කිරීම සඳහා ගත් දැඩි නීති රීති නිසා නිෂ්පාදනය අඩුවීම මෙම අධික මිල සඳහා ප්‍රධාන හේතුවක් වන අතර අධික දුර්ලභත්වය හා කල්පැවැත්ම යන සාධක කාබනික මැණික් වල මිල තවත් ඉහළ නැංවීමට ඉවහල් වේ.
විද්‍යාවේ දියුණුවත් සමඟ කෘතීම මැණික්(synthetic Gems) ලෙස තවත් කොටසක් මැණික් වර්ගීකරණයට එකතු වී ඇත. ස්වාභාවික මැණික් වල අන්තර්ගත මූල ද්‍රව්‍ය එම ආකාරයටම යොදා ගනිමින් කෘතිම තත්ත්ව යටතේ මෙම මැණික් නිපදවයි.
ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළෙහි ඉතා පහත් කොට සලකන මෙම කෘතිම මැණික් “මරංචි” යන අන්වර්ථ නාමයෙන් ද හඳුන්වයි. ආධුනික මැණික් ව්‍යාපාරිකයන් ස්වාභාවික මැණික් ලෙස වරදවා වටහා ගැනීමත් හිතාමතාම රැවටීමට භාවිතා කිරීමත් නිසා මරංචි යන නම යෙදී ඇත.
තව දුරටත් (read more) ……………….

https://www.facebook.com/pg/RawGems-100318308132867/posts/?ref=page_internal

සිලොන් ජෙම්ස්.
N.නිරෝෂන් (Gemologist)
ඇඹිලිපිටිය.

දබරෙට නොයන දබරය

ඈත අතීතයේසිට පැවත එන පතල් කර්මාන්තය පටන් ගත්තු කාලවකවානුවක් අදටත් කිවනොහැකිය. රාජාභරණ වලට මැණික් ගල් කපා ඇල්ලිම මගින් ලස්සන කරන්න අතර අදටත් මාල, වලලු, මුදු වලට ගල් ඇල්ලිම සිදුකරයි. මෙලෙස ආභරණ හැඩගන්වනු ලබන් මැණික් පොලවෙන් උඩට ගෙන ඒමට පතල් කම්කරුවන් කරනු ලබන්නේ මගගු සේවාවකි.

මැණික් සෙවීමේදී විවිධ ක්‍රියවලියන් ඔස්සේ පතල් කම්කරුවන් වැඩාරන අතර ,මෙහිදී විස්තර කරනලද දබරය මුනගැහෙනු ලබන්නේ තට්ටු පතල් , ගැඹුරු පතල් වලදීය.

ගැඹුරු පතල් වල පස් උඩට ගෙන ඒමටත් , ඉල්ලම් උඩට ගෙන ඒමටත් මගගු සේවාවක් දබරය මගින් ඉටුකරනු ලැබේ. තවදුරටත් පතලක් තුල දොඹකරයේ කරර්‍ය් උසුලනු ලබන්නේ ද්බරය විසිනි. මෙය පතලයේ දොඹකරය කීවොත් නිවැරදිය.

දබරයක් සෑදීමට බරින් අඩු, ඍජු ,වට අඩි එක හමාරක් දෙකක් පමන කොටයක් යොදාගනි.
මෙම කොටය , දොඹ, ගන් සූරිය, නැත්නම් කලක් පවතින සැහැල්ලු ලී යකින් සාදාගනු ලැබයි. කොටය ගෙන පලන්චියක තබා දිග් අතට ඉරා වෙන්කර ගනී. පසුව මැදින් Z ආකරයට නවන ල්ද යකඩ කූරක් මැදින්
තබනුලැබේ. නැවත කොටය එකට සවිකර ඇන ගසාගෙන එකට සවිකරනුලැබේ.
පසුව දිග කඹයක් ගෙන කොටයේ ඔතනු ලැබේ.
එය ඔතනු ලබන්නේ කුමන පැත්තට කරකනු ලැබුවත් එක කඹ පොටක් දිග හැරෙන ආකරයටය. මෙම ඔතන ලද කඹයේ දෙකෙලවර හොදට සවිමත්ව කම්බි කොකු දෙකක් සවිකර ගනු ලැබේ. එමගින් කූඩ හෝ පොහොර කවර උපයෝගී කරගෙන පස් උඩට ගෙන එම කරනුලැබේ.
මෙම දබරය පතල් කම්කරුවන්ගේ වැඩවලට මහත් රුකුලක් වේ.

දබරෙට නොයන දබරය ගැන වැරදි ඇත්නම් comment මගින් නිවැරැදි කරන ලෙස ඉල්ලා සිටිමි 

https://www.facebook.com/pg/RawGems-100318308132867/posts/?ref=page_internal

මැණික් ගැරිම, ජපන්ගැසිම……?

අපේ රටතුල විවිද ක්‍රමඔස්සේ මැණික් ගැරිම සිදුවේ.
ගොඩ පතල්
තට්ටු පතල්
ඇදුම් පතල්
පතහ පතල්
ජපන් හැසිම……..?

විවිද ක්‍රම ඔස්සේ ගරන මැණික් අප අතටපත්වේ. ගගක සිදුකරන ඇදුම් පතල් වලට අමතරව කුඩා කන්ඩයම් එක්ව ජපන්ගැසිම සිදුකරනු ලැබේ.

මෙය නිතිමය පැත්තෙන් අවසර නැතිව සිදුකරන ක්‍රියවලියක් උවත් පරිසරය හානිය අවම ක්‍රියවලියකි. කුඩා කන්ඩයම් ලෙස එක්වී ගගේ කිමිදෙමින්, ඉල්ලම් බාල්දි ඔස්ස්ව්ගෙනවිත් ගැරිම සිදුකර මැණික් සොයගනු ලැබේ .
මෙහිදී දක්ෂ කිමිදුම් කරුවන් කන්ඩයම් තුළ සිටින අතර ඔවුන් විනාඩි 5 කටත් වඩා දිය යට සිටීම මහත් සිත් ඇදගන්නා කරුණකි.
තවද ගොඩ පතල් වල මෙන්ම ඉල්ලම් කැඩීම , තට්ටු පතල් වල මෙන්ම ලී වලින් සවිකිරීම්ද පවතී. දිග ලීයක් කෙලින් අතට සිටවා ඒ අදාරයෙන් පතුලට කිමිදෙමින් තම කර්ර්‍ය කර්‍යක්ෂ්මව සිදුකිරිමට ඔවුන් නිවන ඇත්තන් විය. දිය යට ගල් පෙරලා , වලි කදු උදලු මගින් ගසල ඉවත් කර ඉල්ලම පාදාගනි. දවසතුලම ජලය තුල ජිවත්වී ගිනිමැලය උපයෝගී කරගෙන තම ඇගේ සීතල නිවගෙන්, කහට පොල්කට්ටක් බීල බුලත් විටක්ද කාල නැවතත් තම රජකරියට යයි.

මෙලෙස දිය යට කිමිදෙමින්, ඉල්ලන් ගෙනවිත්, ගැරිම ජපන් හගනව කියා පතල් බාසාවෙන් කියනු ලබයි.

අප අතට පත්වන මැණික් පතල් කරුවන් විසින් මහත්සේ දුක් විද , ජිවිතේ මහත්සේ අවදානම් වලට නතු කර උපයාගනී. අප විසින් ඔවුනට සාදාරන මිලක්දී මැණික් මිලදි ගනිමු යැයි මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිම.

වැරදි ඇත්නම් comment මගින් නිවැරැදි කරන ලෙස කරුනිකව ඉල්ලා සිටිමි .

ස්තුති …
Rawgems.lk

Black Tourmaline/Schorl / (කළු මංගු)

Tourmaline (මාංගු) පහසුවෙන් සොයගතහැකි මැණික් වර්ගයක් වන අතර බහුලව හමු වන්නෙ පිටට එලියක් නොමැති මැණික් ලෙසය. මෙම මැණික් වර්ගය ඉතා ආකර්ෂණීය වර්ණවත් ලෙසටද හමුවේ.

 ලයිට් මංගු, කලු මංගු බහුලව හමුවේ.

බොහොමයක් ඒකාක්ෂව එලිය විහිදෙන ගල් ලෙස හමුවේ .

මෙහිදී විස්තර කිරිමට බලාපොරොත්තු වන්නේ කලු මාංගු හෙවත් Schorl (ෂෝර්ල්)/ block tourmaline  කියන මැණික් වර්ගයි.

මෙහි දැලිස ( ස්ඵටික රූපය ) සයකොන් ඇතිව බහුලව  පිහිටයි. නැත්නම් ප්රිස්ම හඩයට ටදිගට පිහිටයි .බොහොමයක් මතුපිට ඉරි පවතින අතර සාමාන්යයෙන් රවුම් ගල් ව්දිහටද හමුවේ .

මෙහි දැඩි බව 7 – 7.5 අතර අහයක් ගනිති.

මෙය තද කළු , පාර අන්ද මැණික් වර්ගයක් වන අතර එහි දෑලිස සය අනතිව හෝ ප්‍රිස්මාකාර් වේ. බහුලව සදහන් කරන ලද ස්ඵටික රූපියව හමු වන අතර වෙනත් ආකාරයටද පැවතය හැක.

මෙහි රසායනික සූත්‍රයNa(Fe,Mn)3Al6B3Si6O27(OH)3(OH,F)

For Buy (: schorl /http://rawgems.lk/product/black-tourmaline-schorl/)

Black Tourmaline is a very popular form of Tourmaline but did you know that it is actually its own mineral. The correct mineralogical name for black Tourmaline is Schorl. Tourmaline is actually the name given to an entire family of individual minerals that are closely related.

While other types of Tourmaline might be found as a dark black color, Schorl is only found in black. Unlike other forms of Tourmaline it is never transparent or even translucent, it is only ever found as solid black Tourmaline.

(Read more : https://www.gemrockauctions.com/learn/holistic-gemstone-information/black-tourmaline)

Natural blue sapphire නිල් ඔට්ටු

කුරුවින්දන් කුලයට අයත්වන මැණික් වර්ගයක් ලෙස විටක නම් දරන අතර ගෙඋඩ කුලයටද නැකම් කියන මැණික් වර්ගයකි.
මෙම වර්ගය කූරු ඔට්ටු , ඩොට් ඔට්ටු, පිට ඔට්ටු , තාර ඔට්ටු , රතු ඔට්ටු ,…… ආදි නම් වලින්ද වෙන්කර හදුනාගත හැක.
මෙම මැණික් වර්ගය තාප පිළියම් කර නිල් මැණික් සදා ගනුලබයි……..