මොනවද මේ ඛණිජ, පාෂාණ හා මැණික් කියන්නේ? මුල සිට සරලව ඉගෙනගමු.

බොහෝ දෙනෙකුට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඛනිජ, පාෂාණ හා මැණික් කියන්නේ මොනවද? ඒවා වෙන් කරලා අඳුර ගන්නෙ කොහොමද? එහෙම වෙන් කරන්න බලපාන සාධක මොනවාද කියන එක. ඉතින් සිලොන් ජෙම්ස් අපි හිතුවා ඛණිජ, පාෂාණ හා මැණික් පිලිබඳව ඔබට පුර්ණ අවබෝධයක් සරලව ලබා දෙන්න.
මොනවද මේ ඛණිජ කියන්නේ? නිෂ්චිත රසායනික සංයුතියක් හා අකාබනික ඝන තත්වයේ පවතින ස්වාභාවිකව නිපදවෙන සංයෝග තමයි අපි ඛණිජ කියලා හදුන්වන්නෙ.පලිගු(Quartz), රබහ(Garnet), පදියන්(Topaz), කුරුවින්ද(Corundum) ඛණිජ සදහා උදාහරණ කිහිපයක් ලෙස දක්වන්න පුළුවන්.( ඡායාරූප 1 ) බහුලවම ඛනිජයක අන්තර්ගත මුලද්‍රව්‍ය වෙන්නේ සිලිකන් (Si), ඇලුමිනියම්(Al), අයන්(Fe), කැල්සියම්(Ca),
ඔක්සිජන්(O), මැග්නීසියම්(Mg) තමයි.
ඇමරිකාවේ ඛනිජ විද්‍යාත්මක සංගමයට අනුව ලෝකයේ දළ වශයෙන් 5,400ක් නම් කරන ලද ඛණිජ වර්ග ඇති අතර සෑම වසරකම දළ වශයෙන් නව ඛනිජ වර්ග 30 ත් 80 ත් අතර ප්‍රමාණයක් හඳුනාගෙන නම් කරයි. පෘථිවි පෘෂ්ඨයේ වඩාත් සුලභම ඛනිජය වන්නේ සිලිකන් ය (silicon).
දැනට ලොව සොයාගත් පැරණිතම ඛණිජය වෙන්නේ අපි කවුරුත් දන්නා ජාගුන් (Zirconium silicate) ස්ඵටිකයකි.අවුරුදු මිලියන හාරදහස් තුන්සියයක් පමණ (4,300,000,000) පැරණි මෙම ඛණිජ කොටස බටහිර ඕස්ට්‍රේලියාවේ ජැක් හිල්ස් ප්‍රදේශයෙන් සොයා ගන්නා ලදී.(The Jack Hills in mid-west Western Australia) ( ඡායාරූප 2)
මොනවද මේ පාෂාණ කියන්නේ? ඇත්තටම පාෂාණ කියන්නේ ඛනිජ කිහිපයක එකතුවක්. ඒ කියන්නේ නිශ්චිත රසායනික සංයුතියක් පාෂාණයකට නෑ.මොකද පාෂාණ කියන්නේ විවිධ ඛනිජ වර්ග කිහිපයක එකතුවකින් ස්වාභාවිකව නිර්මාණය වුණු අකාබනික ඝන සංයෝගයක් නිසා.(ඡායාරූප 3) පාෂාණ වලට උදාහරණ විදිහට ෂේල්(shale), අපට නිතරම හමු වන කලුගල් (Gneiss), ග්‍රැනයිට් (Granite), කිරිගරුඬ (Marble) දක්වන්න පුළුවන්.(ඡායාරූප 4)
ඛනිජ කිහිපයක එකතුවකින් නම් පාෂාණ නිර්මාණය වෙන්නේ අනිවාරයෙන්ම පාෂාණ නිර්මාණය වීමට පෙර ඛනිජ නිර්මාණය විය යුතුයි. ඔව් ඇත්තෙන්ම ඒක එහෙම තමයි. දැනට ලෝකයේ පැරණිම පාෂාණය විදිහට හඳුනාගත් කැනඩාවේ ඇකාස්ටා ගංඟාවෙන් (Acasta River) සොයාගත් අපි සාමාන්‍යය ව්‍යවහාරයෙ කළුගල් (Gneiss) කියන පාෂාණයෙ වයස අවුරුදු මිලියන හාරදහස් දෙසියයක් (4.200.000.000) පමණ වෙයි.(ඡායාරූප 5)
ඒ කියන්නේ ඛණිජ නිර්මාණය වෙලා අවුරුදු මිලියන සීයකට විතර පස්සෙ තමයි පාෂාණ නිර්මාණය වෙලා තියෙන්නෙ.
පාෂාණ නිර්මාණය වන ආකාරය අනුව ප්‍රධාන වශයෙන් ආග්නෙය පාෂාණ(Igneous rocks), අවසාදිත පාෂාණ(Sedimentary rocks), හා විපරිත පාෂාණ(Metamorphic rocks) කියලා ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. මෙම කොටස් තුන පිළිබඳව පූර්ණ විස්තරයක් අපි ඉදිරියේදී ඔබට ගෙන එන්නම්.
මොනවද මේ මැණික් කියන්නේ? මේක හොඳටම ඔලුවට දාගන්න ඕන තැනක්. මැණිකක් වෙන්න පාෂාණ, ඛණිජ කියලා ප්‍රශ්නයක් නෑ හැබැයි මැණිකක් වෙන්න නම් මූලික කාරණා තුනක් සම්පූර්ණ කරන්න ඕනිමයි. ඒ තමයි දුර්ලභත්වය(Rarity), කල්පැවැත්ම(Durability), අලංකාරය(Beauty).
දුර්ලභත්වය වැඩිවන තරමට තමයි මැණික් ගලක මිල වැඩිවෙන්නේ. ඒක නිසා තමයි කුරුවින්ද(Corundum), දියමන්ති(Diamond), පසින්ගල්(Alexandrite) වැනි මැණික් වලට අධික මිලක් නියම වෙන්නේ. දුර්ලභත්වය අඩු නම් ඒ කියන්නේ හොයාගන්න අපහසු නැත්තම් සාපේක්ෂව බොහෝ අඩු මිලක් තමයි මැණික් ගලකට වුණත් ලැබෙන්නේ. ඒකට හොඳම උදාහරණ තමයි අඹතෙස්(Amethyst), කහපළිඟු(Citrine), තෝර(Tourmaline), රබහ(Garnet), පදයන්(Topaz) වගේ මැණික්.
කල්පැවැත්ම යන ගුණය බොහෝ විට තීරණය වෙන්නේ මැණික් ගලක දෘඩතාවය(Hardness) මත.
ගලක් තවත් ගලකින් සීරීමේ දී ගෙවී යෑමට එරෙහිව දක්වන ප්‍රතිරෝධය තමයි දෘඩතාවය කියන්නේ. ඉතින් ලෝකයේ වැඩිම දෘඩතාවයක් සහිත මැණික් වර්ගය වෙන්නේ දියමන්ති (Hardness 10), ඊළඟට අපි කවුරුත් දන්න කුරුවින්ද(Hardness 9). අන්න ඒ නිසා මෙම මැණික් සඳහා ඉතා ඉහළ මිලක් තීරණය වන අතර දෘඩතාවය ඉතා පහළ අගයක් ගන්නා ෆ්ලෝරයිට් (Hardness 4), ඇපටයිට්(Hardness 5) වගේ මැණික් වලට සාපේක්ෂව පහළ මිලක් නියම වෙනවා.
අලංකාරය කියන්නේ මැණික් ගලකට ඉතාම වැදගත් ලක්ෂණයක්. අලංකාරය ප්‍රධාන වශයෙන් වර්ණය(Colour), පැහැදිලිබව(Clarity) හා විනිවිදභාවය(Transparency) මත තීරණය වෙනවා. මැණික් ගලක වීදුරු ගුණය(Glass body) කියලා මැණික් ගලක් පිළිබඳව කථා කරද්දී අප අදහස් කරන්නේ මෙන්න මේ පැහැදිලි බව හා විනිවිදභාවය නැතහොත් ගලේ එහාමෙහා ආලෝකය ගමන් කරන බව කියන ගුණාංග පිළිබඳවයි.
ඉතින් දුර්ලභත්වය, කල් පැවැත්ම හා අලංකාරත්වය කියන ලක්ෂණ තුනෙන් පරිපූර්ණ ඕනෑම ඛනිජයක් හෝ පාෂාණයක් අපි මැණික් ගලක් කියලා හඳුන්වනවා.(ඡායාරූප 6)
ලැපිස් ලැසුලි(Lapis lazuli) කියන අලංකාර මැණික් වර්ගය ඇත්තටම පාෂාණයක්. ලැපිස් ලැසුලි හැදිලා තියෙන්නේ Pyrite, Sodalite සහ calcite කියන ඛනිජ(Mineral) වර්ග තුනෙහි එකතුවකින්. අලංකාරය දුර්ලභත්වය හා කල්පැවැත්ම යන ගුණාංග සම්පූර්ණ කරපු ලැපිස් ලැසුලි පාෂාණයට පුළුවං උනා මැණිකක් වෙන්න.(ඡායාරූප 7) ඒ කොහොම වුණත් මැණික්වලින් අතිශය බහුතරයක් නිර්මාණය වෙන්නේ ඛනිජ වලින්.
මැණික් වර්ග කිරීමේදී කාබනික මැණික්(Organic Gems) හා අකාබනික මැණික්(Inorganic Gems) ලෙස ප්‍රධාන කොටස් දෙකක් අපට හමුවෙයි. පාෂාණ හා ඛනිජ වලින් නිර්මාණය වූ මැණික් වර්ග අකාබනික මැණික් ලෙසත් සත්ව හා ශාක කොටස්වලින් නිර්මාණය වූ මැණික් කාබනික මැණික් ලෙසත් වෙන් කර දක්වයි.
ඇත්දළ(ivory), මුතු(pearl), රයිනෝ අං(Rhino horn), කොරල්(coral) හා කැස්බෑ ලෙලි(Turtle husk) කාබනික මැණික් සඳහා උදාහරණ ලෙස දැක්විය හැක.
අකාබනික මැණික් මෙන් නොව කාබනික මැණික් සොයා ගැනීමේ ක්‍රියාදාමය බොහෝදුරට ඉතා අමානුෂික වේ. මන්ද අදාල සත්වයා එම ක්‍රියාවලිය තුළ ඝාතනයට ලක්වන බැවිනි. මුතු, ඇත් දළ හා රයිනෝ අං ලබා ගැනීමේදී මෙවැනි සත්ව ඝාතන නිරන්තරයෙන් සිදු වන නමුත් මෙවැනි කාබනික මැණික් සඳහා අධික මිලක් හා අධික ඉල්ලුමක් ද වෙළෙඳ පොළෙහි ඇත.(ඡායාරූප 8)
ලොව බොහෝ රටවල් මෙවැනි සත්ව ඝාතන නතර කිරීම සඳහා ගත් දැඩි නීති රීති නිසා නිෂ්පාදනය අඩුවීම මෙම අධික මිල සඳහා ප්‍රධාන හේතුවක් වන අතර අධික දුර්ලභත්වය හා කල්පැවැත්ම යන සාධක කාබනික මැණික් වල මිල තවත් ඉහළ නැංවීමට ඉවහල් වේ.
විද්‍යාවේ දියුණුවත් සමඟ කෘතීම මැණික්(synthetic Gems) ලෙස තවත් කොටසක් මැණික් වර්ගීකරණයට එකතු වී ඇත. ස්වාභාවික මැණික් වල අන්තර්ගත මූල ද්‍රව්‍ය එම ආකාරයටම යොදා ගනිමින් කෘතිම තත්ත්ව යටතේ මෙම මැණික් නිපදවයි.
ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළෙහි ඉතා පහත් කොට සලකන මෙම කෘතිම මැණික් “මරංචි” යන අන්වර්ථ නාමයෙන් ද හඳුන්වයි. ආධුනික මැණික් ව්‍යාපාරිකයන් ස්වාභාවික මැණික් ලෙස වරදවා වටහා ගැනීමත් හිතාමතාම රැවටීමට භාවිතා කිරීමත් නිසා මරංචි යන නම යෙදී ඇත.
තව දුරටත් (read more) ……………….

https://www.facebook.com/pg/RawGems-100318308132867/posts/?ref=page_internal

සිලොන් ජෙම්ස්.
N.නිරෝෂන් (Gemologist)
ඇඹිලිපිටිය.

26 Replies to “මොනවද මේ ඛණිජ, පාෂාණ හා මැණික් කියන්නේ? මුල සිට සරලව ඉගෙනගමු.”

  1. Howdy! I simply wish to give an enormous thumbs up for the great data you have right here on this post. I might be coming back to your blog for extra soon. Murial Bordy Gretta

  2. Hi there. I discovered your blog via Google while looking for a comparable topic, your web site got here up. It appears to be good. I have bookmarked it in my google bookmarks to come back then. Krista Hans Eno

  3. The following time I learn a weblog, I hope that it doesnt disappoint me as much as this one. I imply, I do know it was my choice to read, but I truly thought youd have something interesting to say. All I hear is a bunch of whining about something that you could repair when you werent too busy in search of attention. Clo Sid Andre

  4. Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry standard dummy text ever since the 1500s Elnore Marcellus Barnet

  5. Next time I read a blog, Hopefully it does not fail me just as much as this particular one. I mean, Yes, it was my choice to read, however I truly believed you would have something interesting to talk about. All I hear is a bunch of moaning about something that you could possibly fix if you were not too busy looking for attention. Nikolia Kenny Brownley

Leave a Reply

Your email address will not be published. Required fields are marked *