????……මයිනාහම…..????

පතල් කර්මාන්තයට නැතුවම බැරි මෙවලමක් ව්න මයිනාහම සුවිසල් මෙහෙවරක් ඉටුකරයි.

නම ඇසූ පමණින් මතකයට එන්නේ අප පරිසරයතුල ජීවත් ව්න අලංකාර කුරුල්ලෙකි.අපහට ගනන් කිරීමට නොහැකිතරන් මිහිරි අමිහිරි නාද රාශියක් කල හැකි අපූරු කුරුල්ලකි. මොවුන් ගොවියාගේ නෑදෑයෙකු ටවඩා උදවුකරන සත්ව කන්ඩයමකි. එයට හේතුව නම් වගාවේ සිටින දලඹුවන්, පනුවන් වෙනත් කෘමීන් ආහාරයට ගන්න අතර වගාවට හානියක් නොකරන්නේය…..

අද මම ඔයාලට කියන්න යන්නෙ මයිනාහම කියන උපකරණය ගැන. එය පතල් කම්කරුවන් විසින් නිර්මාණය කරගන්නකි. යකඩ තැලීමේදී යකඩ රත් කිරීමට අවශ්යය හුලන් ගැසීමට සාදාගන්න උපකරණයකි. මෙය ඈත අතීතයේ සිමෙන්ති කවරයක් භාවිතා කර සාදාගනු ලබයි. සිමෙන්ති කවරය එක් පැත්තකින් සිමෙන්ති අස්කර ඒ පැත්තට ලී කෝටු දෙකක් ගැටගසා ගන්න අතර පතුලේ කොනක් සිදුරුකර යකඩ බටයක් ගැට ගසාගනු ලබයි. මෙමගින් කවරය තුල රදවා ගන්න සුලං බටය මගින් ඉවතට යන්න සලස්වති. මෙම සුලං අගුරුවල පූර්ණ දහනයට රුකුල් දෙන අතර යකඩ රත්වීමට අවශ්‍යය උෂ්ණත්වය පවත්වාගැනීමට උපකාර වේ.

මෙය උපයෝගී කරගෙන පතල් කම්කරුවන් තම යකඩ ඉණි උල්කරගන්න අතර තලයන තවත් පුළුල් කරගනි.ඉල්ලන් කූර තියුණු උලක් තිබීම මගින් මැණික් ගල් ව්ලට සිදුවුන හානිය අවම කරදේ.ඉතින් මේ මයිනාහම කියන උපකරණය අපට හමුවන මැණික් සම්පත ඉතාමත් සුරක්ෂිතව අප අතට ගෙන ඒමට වක්‍රව සහයෝගයදේ.

කතෘ: rawgems

මෙහි පවතින සියලුම පින්තූර අයිතිය අයිතිකරුවන් සතුය.අකුරු වල අඩුපාඩු ඇත්නම් නිවැරැදි කරන්න.

ස්තුති ?

නැවත ලිපියකින් හමුවෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *