මුහුණු පොතේ මැණික් පොළ….(Facebook Gem Fair)

අරයා හොරා….

මෙයා ගුලබිකාරයා….

අහවල් හමේ ඉන්නේ වංචාකරයන්…

සියලුම දෙනාට සුභ දවසක් කියලා පටන් ගන්නම්.මුලින්ම කියන්නම් මම මැණික් පිළිබඳව ඔස්ථාර් කෙනෙක් නෙවෙයි… නමුත් මම දන්න IT( information technology ) දැනුම ඔබට කියාදෙන්නම්(පලමු ලිපිය ).

අපි මැණික් ගලක් මිලදී ගැනිම සදහා සමාජ මාධ්‍ය භාවිතා කරන්නේනම් ඒ පිලිබඳව අපිම විසින් වගකීම දරිය යුතුය. අනෙක්පාර්ශවයට ඇගිලි දික් කිරීමෙන් පලක්නෙවේ. මොකද දෙදෙනාම කතාබහ කරගෙන ගනුදෙනුව සිදුවන බැවින්.ගලක් විකුණ පුද්ගලයන් බලන්නේ තමන්ගේ මැණික් ගලෙහි දෝෂ , පලදු අඩුවෙන් පෙන්වා වැඩි මුදලක් උපයාගන්න. ගලක් ගන්න පුද්ගලයන් බලන්නේ තමන්ගේ හැකි උපරිමයෙන් දෝෂ , පලදු පෙන්වා මිල අඩුකර ගැනීමට. සෑම පුද්ගලයකු බලන්නේ ලාබයක් උපයා ගැනීමට.

ප්‍රෙසිද්ධ මැණික් පොලවල් වලත් ඕනෑතරම් වන්චාකරුවන් සිටිනවා කියනදේ අපි හොදාකාරව දන්න කරුනක්. ඉතින් ඔබ සිතනවද සාමාජ මාධ්‍යයතුල එවන් පුද්ගලයන් නොමැතිව ඇති කියා….

කෙනෙක්ට සමාජ මාදධ්‍යයතුල ගිනුමක් ඔපන් කිරීමට අවශ්‍ය වන්නේ දුරකතන සිම්පතක් පමනයි. තමන්ට කැමති නමක්, ගමක්, නගරයක්, උපන්දිනයක් , පිංතූර කිහිපයක්…. ආදීය දමා ගිනුමක් සෑදීමට තව අවශ්‍ය වනේ ස්මාර්ට් දුරකතනයකි. මෙසේ සාදාගත් ගිණුම සත්‍ය හෝ අසත්‍ය ආකාරයට පවත්වාගෙන යාම තිරණය ගන්නේ ගිණුමෙහි අයිත්කරුය. ඉතින් ඔබ කෙසේද ගමකට, නගරයකට ඒවායේ වෙසෙන තවත් ව්‍යාපාරිකයන්ට වරදෙහි ඇගිලි දිගුකරන්නේ… එය සාධාරණද නැද්ද යන්න ඔබම තීරණය කරන්න.

ඔබ මැණික් ගලක් හෝ ලොට් එකක් මිලදී ගැනීමට පලමුව එය පල කල පුද්ගලයාගේ පහත් විතර සොයාබැලුවද ?.

1. එම පුද්ගලයාගේ ගිණුම කොපමන කලක සිට පවත්වාගෙන යන ලද්දක්ද.

2. ගිනුමෙහි පිංතූර සත්‍ය හෝ අසත්‍ය ඒවා ද

3. කොපමණ කලක සිට ගිණුම පවත්වාගෙන යන්නක්ද( දමා ඇති පොස්ට්වල, පිංතූර සහ අනෙකුත් දේවල්වල දිනයන් )

4 ඔහු හෝ ඇය මැණික් පිලිබඳව පවතින පසුබිම.

5. තමන් දන්න අදුණන එම පලාතේ වෙසෙන මිතුරකුගෙන් විතර විමසා බැලී.

6. එම ගිනුමෙහි සිටින වෙනත් පුද්ගලයන් එම පලාතේ අයද නැද්ද වග.

7. වංචාවකින් තොරව නිවැරැදි විස්තර තවත් කෙනෙක්ට බලාගැනීමට හැකි අයුරින් පලකර තිබේද යන්න.

8. Whatsapp නම්බර් එක පිලිබඳව සොයාබැලුවද

09. ව්‍යාපාර ලියාපදිංචියක්,

10. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ලියාපදිංචියක් ඇතිදයන්න..

තව ගොඩක් දෑ තිබේ. අවශ්‍ය කෙනෙක් ඇත්නම් පෞද්ගලිකව විමසන්න.

මැණික් මිලදී ගැනිමකදී හෝ විකිණීමේ දීඔබ ඉහත කරුණු සොයාබැලුවද ..?

ඔබට මැණික් විකිණීමකදී ගැනුම්කරුවන්ගේ විස්තර ( නම, නමටාදාල ගිණුම් අංකය , ලිපිනය එය තහවුරු කරගැනීමට ලියවිල්ලක් ) පිලිබඳව හොදාකාරව පැහැදිලි කරගැනීමට වගබලාගන්න. එය ඔබගේ නමට, ඔබ මහන්සියෙන් සාදාගත් ප්‍රෙතිරූපයට හානියක් වීම මලක්වාගන්න හොදම අවස්ථාවක්.ගැනුම්කරුවන්ගේ විස්තර තහවුරු කරගැනීමට අපහසුනම් හොදම දේ ගනුදෙනුව අවලංගු කර ගැනිමයි.

මම නම් දෙපාරක් නෙහිතා එය සිදුකරනවා. මොකද මට මුදලට වඩා මගේ ප්‍රෙතිරූපය වැදගත් නිසා. (සමහර අය තරහාවී ඇත… එයාල්ගෙන් සමව ඉල්ලනව ගනුදෙනු අවලංගු වීමගැන).

මම සමාජ මාදධ්‍යයතුල මැණික් තෝරාගත් පසුව, ගිහින් පරික්ෂාකර පමනක් මිලදී ගැනිම සිදුකරනවා. ඒ වගේම මාගෙන් කලින් මැණික් මිලදී ගත් අයට තැපැල් කර යවනවා. එයාල මම ගැන දන්න නිසා. ඒවගේම පලමුව ගල් ගන්න කෙනෙකුනම් ඇවිත් බලා ගල් ගන්න කියා ඉල්ල සිටිනව. ඉන් පසුව හොද සබඳතාවක් ඇතිවුවහොත් ඔන්ලයින් ක්‍රමයට ගනුදෙනු සිදුකරනවා.

මෙම මාතෘකාව පිලිබඳව කතා කිරීමට බොහෝම කරුණු ඇති අතර දිනෙන් දින ප්ලකරන්නම්….

Rawgems

CeylonSpinel

+94 719759280

Rohana Thissa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *